Samsung Galaxy S10 දුරකථනය සමඟින් කවුරුත් කතා වෙන ලාංකාවේ තරුණිය

Samsung Galaxy S10 ජංගම දුරකථනය එළි දැක්වීම පසුගිය දිනෙක ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හිදි සිදුවිය.තමන්ගේ මෙම නව දුරකතනයේ මෙවර අලුත්ම වෙනස්කම් රැසකින් සමන්විත බවයි Samsung සමාගම පවසන්නේ.

විශේෂයෙන්ම දුරකතනයේ කැමරාව මුලිකත්වය ගන්නා බව සදහන්.මෙම දුරකතනයෙන් ගන්නා ජායාරූප වෘර්තිය මට්ටමෙන් ගන්නා කැමරාවකට වඩා ගුණාත්මක බවෙන් ඉහල බවයි පවසන්නේ.

එහිදී introductory keynote එනම් හඳුන්වාදීමේ මූලික කතාව සිදුකරන ලද්දේ ශ්‍රී ලාංකිකයෙකු වීම සුවිශේෂි සිදුවීමකි.ඇය නමින් සුසෑන් ද සිල්වාය.මේ වන විට ඇමරිකාවේ ටෙක්සාස් නුවර පදිංචිව සිටින සුසෑන් Samsung Electronics Americaහි නිෂ්පාදන අලෙවිකරණ අධ්‍යක්ෂකවරියක ලෙස කටයුතු කරයි.

එමෙන්ම ඇය Samsung Electronics සමාගමට සම්බන්ධ වී මේ වන විට වසර 8ක් ගතව ඇති බවද සඳහන් වෙයි.

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team