මුස්ලිම් වැසියන්ට ශෝකය පළකරන්න නවසීලන්ත අගමැතිනිය හිජාබයකින් සැරසෙයි

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් දේවස්තාන දෙකක් ඉලක්ක කරගනිමින් සිදුකළ ත්‍රස්ත  ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුලේ සාමාජිකයින්ට ශෝකය පලකිරීමට නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය කටයුතු කළ ආකාරය මේ වනවිට ලෝකයේම කතාබහට ලක්ව තිබෙනවා. ඒ සඳහා ප්‍රධානතම හේතු සාධකය වී ඇත්තේ නවසීලන්ත අගමැතිවරිය එම අවස්ථාව සදහා “හිජාබයකින්” සැරසී පැමිණ සිටිමයි.

කෙසේ වෙතත් එම සිදුවීම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ නවසීලන්ත අගමැතිවරියගේ එම ක්‍රියා කලාපය සමස්ත ලෝක ප්‍රජාවටම ප්‍රබල පණිවිඩයක් ලබා දුන් බවයි.

මේ අතර නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය බිරිඳ අහිමි වු පුද්ගලයෙක් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද මේ වනවිට කතාබහක් නිර්මාණය වී තිබෙනවා.ඒ ෆරීඩ් අහමඩ් නමැති පුද්ගලයෙකු විසින් සිය බිරිඳ ඝාතනය කළ පුද්ගලයාට තමන් සමාව දීමට සුදානම් බවට සිදු කරන ලද ප්‍රකාශයක්. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබුනේ “ඔහු සිදුකලේ වැරදි ක්‍රියාවක්, එය අනුමත කරන්න බැහැ. මනුෂයෙක් වශයෙන් මම ඔහුට ආදරෙයි වගේම ඔහු සිදුකළ ක්‍රියාවට මම සමාව දීමට සුදානම්. සමාව දීම තමයි හොදම ක්‍රමය” යනුවෙන්.

මිය ගිය ඔහුගේ බිරිඳ ප්‍රහාරය එල්ල වනවාත් සමග සිය ස්වාමිපුරුෂයා බේරා ගැනිම සදහා පැමිණි අවස්ථාවේ ඇයට වෙඩික්කරු විසින් වෙඩි තබා ඇති අතර  ඊට පෙර ඇය විසින් තවත් කාන්තාවන් හා කුඩා දරුවන් පිරිසකගේ දිවි බේරා ගැනිමටද කටයුතු කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ.

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team