පාප්වහන්සේගේ ක්‍රියාවට දකුණු සුඩාන නායකයන්ගේ සිත් හැරෙයි

පාප් වහන්සේගේ ඉල්ලීමට ගරු කරමින් කඩිනමින් එක්සත් රජයක් පිහිටුවා ගැනීම සඳහා ගිවිසුමකට එළඹීමට සුඩාන බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ, යුද ගැටුම්වලට මැදිහත් වී සිටින දකුණු සුඩානයට සාමය රැගෙන එන්නැයි සුඩාන දේශපාලඥයින්ගෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කළ විශේෂ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්.

වතිකානයේ දී පාප් වහන්සේ සුඩාන දේශපාලන නායකයින්ගේ දෙපා සිඹ මෙම ඉල්ලීම සිදු කළ අතර එය ලොවපුරා දැඩි අවධානයක් යොමු කළ සිද්ධියක් වුණා.

2011 වසරේදී සුඩානයෙන් වෙන්වී දකුණු සුඩාන නව රාජ්‍යයක් ලෙස ස්ථාපිත වීමෙන් පසු 2013 වසරේ සිට මේ වනවිට සිවිල් යුද්ධයක් හටගෙන තිබෙනවා.

අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව ලක්ෂ 04ක්. පුද්ගලයින් මිලයන ගණනක් ඉන් අවතැන් වුණා.

 

ජීවිත රැක දෙන්න – පාප් වහන්සේ සුඩාන නායකයින්ගේ දෙපතුල් ළඟ වැඳ වැටී ඉල්ලයි.! (VIDEO)

ඒ ඊයේ(11) පාප් වහන්සේ සහ සුඩාන නායකයින් අතර ඇතිවූ සාකච්ජා අතර තුර සුවිශේෂී සිදුවීමක් ලොව පුරා මාධ්‍ය තුල සීඝ්‍රයෙන් පැතිර යනවා.

ඒ දකුණු සුඩානයේ ජනාධිපති,උප ජනාධිපති ඇතුලු නායකයින් හමුවේ, අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ඔවුන්ගේ දෙපතුල් ලඟ දණින් වැටී සිවිල් යුද්ධය නතරකොට දකුණු සුඩානයේ සාමය ආරක්ෂා කර දෙන කරන ඉල්ලීමයි.

එහි වීඩියෝව පහතින්,

දකුණු සුඩානය නිදහස් ස්වෛරී රාජයයක් බවට සුඩානයෙන් වෙන් වූයේ 2011 ජුලි මස 11 දින ය. 2005 ජූලි 05 දින සිට එයට ස්වාධිකාරය හිමි වූ අතර ඊට පෙර එය සුඩානයේ කොටසක් ව පැවැතිණි. නිදහසින් පසු ප්‍රථම ජනාධිපතිවරයා ලෙස පත් වූ සැල්වා කිර් එතැන් සිට මේ දක්වා ඒ තනතුර හොබවන අතර SPLM රට පාලනය කරයි. ආරම්භයේදී ජ්‍යෙෂ්ඨ උප ජනාධිපතිවරයා වූ රීක් මචාර් සහ ජනාධිපතිවරයා අතර 2013 දෙසැම්බර් මාසයේ බරපතළ අමනාපකමක් ඇති විය.

පාලන බලය අල්ලා ගැනීම සඳහා මචාර් කුමන්ත්‍රණය කරන බවට කිර් චෝදනා කිරීම නිසා මේ ප්‍රශ්නය උද්ගත විය. තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව දැන ගත් මචාර් පලා ගොස් තමන්ට පක්‍ෂපාත හමුදා කොටස් සමග එක්ව කිර් පාලනයට එරෙහිව සටන් වැදුණ් ය.

මේ දක්වා එරට පැවැතියේ එම යුද්ධයයි.

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team