පණපිටින් වළදැමූ බිලිඳාව ආබාධිත සුනඛයෙක්‌ බේරා ගත් හැටි – Photos

මව විසින් පණපිටින් වළ දැමූ බිලිඳකු ආබාධිත සුනඛයෙක්‌ විසින් ගළවා ගැනීමේ සිද්ධියක්‌ උතුරු තායිලන්තයෙන් වාර්තා වනවා.

පින්ඩිපොප් නමින් හඳුන්වන මෙම සුනඛයා වළක්‌ සමීපයේ පහුරු ගාමින් සැරිසරනු දුටු ගම්වාසියකු එම වළ හෑරීමේදී බිළිඳෙකු දක්‌නට ලැබී තිබෙනවා.

වාහාම ගොඩගනු ලැබූ එම බිලිඳා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සුනඛයාගේ හාම්පුතා පවසන්නේ ගමේ සියලු දෙනා තම සුනඛයාට ආදරය දක්‌වන බවයි.

බේරාගත් බිලිඳාගේ මවගේ වයස අවුරුදු 15 ක්‌ බවත් ඇය තමාට දරුවකු ලැබීමේ සිද්ධිය වසන් කිරීම සඳහා එම ක්‍රියාව සිදුකර ඇති බවත් පොලිසිය පවසනවා.

මෙම බිලිඳා බේරාගත් සුනඛයා කලකට පෙර වාහනයක ගැටීමෙන් එක්‌ පාදයකට හානි සිදු වී තිබුණා.

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team