තීනියාවල පාලිත සාදු මංගලට බැන වැදුන හේතුව මෙන්න !

ඇමරිකාව සමග අත්සන් කිරීමට යෝජිත ‘සෝෆා’ ගිවිසුම පිටුපස සිටින ප්‍රධානියා මංගල සමරවීර ඇමතිවරයා බවත් මංගල කියන්නේ මේ ආණ්ඩුවේ සිටින දුෂිතම ඇමති බවත්

තීනියාවල පාලිත හිමිනම පසුගියදා වදාරා සිටියේ එජාප ප්‍රධානියකුගේ උසිගැන්වීම මතබව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් ‘ද ලීඩර්’ වෙත වාර්තාවේ.

ඇමති සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කළ යුතු බවට මුදල් ඇමති මංගල සමරවීර පසුගියදා comrade.lk වෙබ් අඩවිය සමග පැවති සාකච්ජාවක දී කළ ප්‍රකාශයෙන් වියරුවී සිටින මෙම එජාප ප්‍රධානියා, මංගල සමරවීර සමග අමනාපයෙන් පසුවන පුද්ගලයින් එකිනෙකා හමුවෙමින් ඔවුන් උසිගැන්වීමට කටයුතු කරමින් සිටියි.

ඒ සඳහා අදාල එජාප ප්‍රධානියා අගමැති කාර්යාලයේ සේවකයකුවන ලසන්ත ගුණවර්ධන හා ලංකාදීප පුවත්පතේ දිනිත් චින්තක කරුණාරත්න යොදා ගැනීමට ද උත්සහ කර තිබිණ.

කෙසේවුවද අප කළ සොයා බැලීමේදි අනාවරණය වූයේ තීනියාවල පාලිත හිමිනම සිදුකළ ප්‍රකාශය පදනම් විරහිත සහ ද්වේෂ සහගතව බවය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙත තීනියාවල පාලිත හිමිනම කරන පළමු චෝදනාවට නිසි පිළිතුරු පෙරේදා (10) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසිනි. ඒ, සෝෆා නමින් අලුත් ගිවිසුමක් අත්සන් කර නැතැයි අවධාරණය කරමිනි.

මාසිකව ලැබුන කුට්ටියක් අහිමිවීමේ වේදනාවක් ද ?

LH AboutUs abtlht Bannerලංකා හොස්පිට්ල් අධ්‍යක්ෂවරයකු ලෙස පාලිත හිමිනම මාසිකව ලක්ෂ ගණනක ආදායමක් උපයා තිබේ…

තීනියාවල පාලිත හිමිනම මුදල් අමාත්‍ය මංගල සමරවීර සම්බන්ධව කිසියම් ද්වේෂයකින් කටයුතු කරන බව පෙන්නුම් කරන්නේ අමාත්‍යවරයා සම්බන්ධ දෙවන චෝදනාව ගෙන බලන විටය. එහිදී උන්වහන්සේ පවසන්නේ මංගල සමරවීර දූෂිත අමාත්‍යවරයකු බවය.

එහෙත් උන්වහන්සේ ඊට අදාල කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් නොකරයි. එය නිකම්ම නිකන් වාචාල කමට කල ප්‍රකාශයක් ලෙස නොසලකා තීනියාවල පාලිත හිමිනම මුදල් අමාත්‍ය මංගල සමරවීර සමග ආරෝවක් ඇතිකර ගෙන සිටින්නේ ඇයි ද කියන කාරණය ගැනද අවධානය යොමුකිරිම වැදගත්වේ.

එහි ආසන්නම කාරණය ලෙස වාර්තා වන්නේ, ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ පාලිත හිමිනම යහපාලන ආණ්ඩුව විසින් ‘ලංකා හොස්පිට්ල්ස්’ හී අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර සිටියද මුදල් අමාත්‍ය මංගල සමරවීර ගේ ප්‍රතිපත්තිමය තීන්දුවක් මත උන්වහන්සේ පසුගියදා එම අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත්කර තිබීමයි.

එය සිදුවූයේ ලංකා හොස්පිට්ල්ස් ආයතනය මුදල් අමාත්‍ය මංගල සමරවීර ගේ විෂය පථයට එක්වීමත් සමගය.

අගමැතිගේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරලා !

එජාප භික්ෂු සංවිධානයක ප්‍රබලයකු වන පාලිත හිමියන්ට යළි එම අධ්‍යක්ෂ ධුරය ලබාදෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ පවා ඇමතිවරයාගෙන් කිහිප වරක් ඉල්ලීම් කර ඇතත්, තම ප්‍රතිපතිවලට අනුව පුජ්‍ය පක්ෂයේ කිසිවකු ආණ්ඩුවේ සංස්ථාවලට හෝ මණ්ඩලවලට පත් නොකරන බව පැහැදිලි කරමින් මංගල ඇමතිවරයා එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබිණ.

රාජ්‍ය පාලනය සහ නිලධාරී තන්ත්‍රය, ලෞකික තීන්දු තීරණ ගැනෙන ආයතන තුළ පූජ්‍ය පක්ෂය කටයුතු කිරීම එකී පූජ්‍යත්වයට හානියක් බව අමාත්‍යවරයාගේ විශ්වාසය වන බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.

අප සිදුකළ විමර්ශනය අනුව 2016 සහ 2017 යන වසර වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කිරීමෙන් පමණක් තීනියාවල පාලිත හිමි ලක්ෂ ගණනක ආදායමක් ලබා ඇත.

tiniyawala paid
අරක්කු ලයිසන් ගත්ත හිමිනමක් ගැන සොයයි !

මේ අතර ‘ද ලීඩර්’ වෙත වාර්තා වන්නේ මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ (11) රාත්‍රී නිල සංචාරයක් සඳහා විදේශගත වීමට පෙර අමාත්‍යංශ බලධාරීන් කැඳවා යහපාලන ආණ්ඩුව යටතේ පවා අයතා ගනුදෙනු සිදුකර ඇති හිමිනමකගේ ව්‍යාපාරික පැටිකිරිය සම්බන්ධයෙන් වහාම සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස දැනුම් දීමක් කර තිබේ.

එහිදී තමාවෙත ලැබී ඇති පහත සඳහන් පැමිණිලි සම්බන්ධයෙන් එම වාර්තාව ලබාදෙන ලෙස දැනුම් දී ඇත.

1. හිමිනමගේ සහෝදරයකු බව පැවසෙන අ.පො.ස සාමාන්‍ය පෙළවත් සමත් නොමැති අයකු ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කොට අයථා ගනුදෙනු සිදු කර තිබේද? (මේ සම්බන්ධව කෝප් කමිටුවෙන්ද විමසීම් කර ඇත)

2. එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ ලේකම්වරයෙකු වශයෙන් හිමිනමගේ සහෝදරයාගේ දියණිය මුදල් අමාත්‍යංශයට පත් කොට ඇය හරහා රේගුවේ ආනයනය (Import)  කරන ලද වාහන අමතර කොටස් ඇතුළු විවිධ භාණ්ඩ රේගුව හරහා රජයට ගාස්තු නොගෙවා නීති විරෝධී අන්දමින් නිදහස් කරගෙන ඇද්ද ? එමගින් රජයට සිදුවූ බිලියන ගණනක පාඩුව කොපමණ ද ?

3. කර්මාන්ත අමාත්‍යවරයාට බලපෑම් කොට පරිභෝජනයට නුසුදුසු සහල් මෙට්‍රික් ටොන් 500ක් අයථා ලෙස ලබාගෙන වෙළඳපලට නිකුත් කිරීමට උත්සාහ දරා තිබේද ?

4. හිමිනමගේ සහෝදරයාගේ දියණියගේ සැමියාගේ නමින් රේගු නිෂ්කාශන සමාගමක් පිහිටුවා එමගින් දූෂණ සිදු කොට තිබේද ? ඔවුන් සියලු දෙනා වත්කම් බැරකම් පරීක්ෂා කර නීති විරෝධීව උපයාගෙන ඇති ධනය කොපමණද?

5. 2015 ජනවාරියෙන් පසු නිකුත් කරන ලද මත්පැන් බලපත්‍ර ලබාදීම සඳහා හිමිනමගේ සෘජූ මැදිහත්වීම තුලින් අයථා මුදල් ලබා ගෙන මත්පැන් බලපත්‍ර ලබා දී තිබේද ?

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team