මහේන්ද්‍ර සිං දෝණිව තම කණ්ඩායමට ගැනීමට නවසීලන්තය සූදානම්? (Video)

ඊයේ පැවති එක්දින ලෝක කුසලාන අර්ධ අවසාන තරඟ ජයග්‍රහණයෙන් අනතුරුව නවසීලන්ත නායක කේන් විලියම්සන් මාධ්‍ය සාකච්ඡාවකට එක් වුණා.

එහිදී ඔහුගෙන් මේ ජයග්‍රහණය ගැන ඇසූ ප්‍රශ්න අතරතුර එක්තරා සුවිශේෂී ප්‍රශ්නයක්ද යොමුවුණා. ඒ මේ වනවිට මහේන්ද්‍ර සිං දෝණි සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ලෝලීන් දක්වන විරෝධාකල්පය සම්බන්ධ ප්‍රශ්නයකුයි.

එහිදී තමන් ඉන්දීය කණ්ඩායමේ නායකයා වූවානම් දෝණිට කණ්ඩායමේ ස්ථානයක් ලබා දෙනවාද යැයි විලියම්සන්ගෙන් ප්‍රශ්නයක් අසනු ලැබුවා. එයට පිළිතුරු ලෙස විලියම්සන් පැවසුවේ දෝණි වැනිවූ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් කණ්ඩායමක සිටීම ඉතා වැදගත් බවයි.

මෙහිදී තව දුරටත් කරුණු දැක්වූ විලියම්සන් සිනහාබරව පවසා සිටියේ දෝණි තමන් නියෝජනය කරන රට වෙනස්කොට නවසීලන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන්න සූදානම් නම් ඒ ගැන සලකා බලන්න නවසීලන්ත​ය සූදානම් බවයි.

මේ සාකච්ඡාව ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න

source code truenews.lk

Video source code TEN NEWS youtub channel

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team