නයෝමිගේ හිත ගිය අයියා

දැක්කම ආදරය කරන්න හිතෙන සුන්දර හුරුබුහුටි යුවතියකගෙන් ආදරය ගැන විමසන එකත් අපූරු අත්දැකීමක්. මේ දිනවල තිරයේ අතිශය ජනප‍්‍රිය යුවතිය වන නයෝමි තක්ෂිලාගේ ආදරයේ අයිතිකාරයා කවුද? මම ඇයගෙන් විමසුවා.

නයෝමි පාසල් වියේ මොනවගේ කෙනෙක්ද?

මගේ ගම අනුරාධපුරය. මම මුලින්ම පුලියන්කුළම මහා විද්‍යාලයට ගියේ. පස්සේ විජයබා මහ විද්‍යාලයට හා උසස්පෙළ හදාරන්න ස්වර්ණමාලි බාලිකා මහා විද්‍යාලයට ගියා. ඉස්කෝලේ මම නර්තනයට තමයි ප‍්‍රසිද්ධ වෙලා හිටියේ. පාසැලේ මම නැති පාසැල් ප‍්‍රසංගයක් නැති තරම්.

නයෝමිගෙන් ආදරෙයිද කියලා පිරිමි ළමයෙක් ඇහැව්ව පළමු දවස මතකද?

මගෙන් ඉස්සරවෙලාම පිරිමි ළමයෙක් යාළුවෙන්න ඇහැව්වේ පහේ පන්තියේදී. මම ටිකක් දැනගෙන හිටියා මේ ළමයා මං දිහා වැඩියෙන් බලනවා කියලා. දවසක් පන්ති යද්දි මේ ළමයා මගෙන් යාළුවෙන්න ඇහැව්වා. එදා මම බයවෙලා ගෙදර ගිහින් ආයේ පන්ති යන්න බැහැ කියලා ඇඩුවා. අපේ අම්මා ඒ ළමයගේ අම්මට කියලා තිබුණා.. ඔයාගේ පුතා අපේ දුවගෙන් මෙහෙම දෙයක් අහලා තියෙනවා. ඒ නිසා දුව පන්ති යන්න බැහැ කියනවා කියලා. ඊට පස්සේ ඒ ළමය මොනවත් ඇහැව්වේ නැහැ.

නයෝමිට ආයෙත් ආදර ඇරයුම ලැබෙන්න ගත්තේ?

ඔව්, ඉතින් එහෙම ආරාධනා ලැබුණා. ඒත් හය හත පන්තිවලට වෙත්දි මම පිරිමි ළමයි ආශ‍්‍රය කළේ යාළුවෝ සහෝදරයො විදිහට. ඒ නිසා ඉස්කෝලේ දි පේ‍්‍රම සම්බන්ධතා ඇතිවුණේ නැහැ.

නයෝමි කියන්නේ දගකාරියක්ද?

ඔව්නේ. මම ඉස්කෝලේ යනකාලේ ටිකක් දගයි. අපේ අම්මා නම් කියන්නේ මම හිතුවක්කාරයි කියලා. ඒ වුණාට මම හොද ළමයෙක්.

නයෝමි ආයෙත් පෙම්වතියක් වෙන්නේ?

පාසල් බස් රියේ අයියා කෙනෙක්ට හිත ගිහින් තිබුණා. එයත් මා දිහා බලනවා. පොඩියට සම්බන්ධයක් ඇතිවුණා. පස්සේ ඒ අයියා කැම්පස් ගියා. මමත් උසස්පෙළට වෙන පාසලකට ගියා. ඒ සම්බන්ධය එහෙම්ම නැතිවෙලා ගියා.

කදුළකින් සුසුමකින් තොරව වියැකී ගිය පේ‍්‍රමයක්ද එය?

එහෙම දුර ගිය සම්බන්ධයක් නෙවෙයි.

මේ වෙත්දි නයෝමි කාගේ හෝ පෙම්වතියක්ද?

නැහැ. මම පෙම්වතියක් නෙමෙයි.

ජනප‍්‍රියත්වය එක්ක නයෝමිට මේ වෙද්දි පෙම් ඇරයුම් ලැබෙනවා ඇතිනේ. ඇයි මේ හුදකලාවම දවස ගෙවන්නේ?

ආරාධනාත් ලැබෙනවා. මම හිතනවා විවාහ වෙන්නේ ජීවිත කාලෙටම එක්කෙනෙක් එක්කනේ. ජීවිතය පුරාම ජීවත්වෙන්න හොදම කෙනෙක් තෝරාගන්න ඕනෑ කියලා. එහෙම කෙනෙක් හමුවෙන තුරු ටික කාලයක් ඉන්නවා.

රසිකයන්ගෙන් ලැබෙන ආදර යෝජනා නයෝමිට හිරිහැරයක් වෙන අවස්ථා නැතිද?

මම අකමැති නම් ආදරය ඉල්ලල කරදර කරන කෙනෙක් මට හම්බවෙලා නැහැ.

නයෝමි පතන්නෙ මොනවගේ ආදර හිතක්ද?

මට සල්ලි වැදගත් නැහැ. මට ඕනෑ අවංක කමයි විශ්වාසයයි. මගේ පවුලට එයාගෙ පවුලට දෙමවුපියන්ට ආදරය කරන එකයි.

නයෝමි පතන ආදර ලෝකයේ ආදරය මිස වෙන කිසිවක් ඇවැසි නැතිද?

මෙහෙමයි ජීවත් වෙන්න සල්ලිත් ඕනෑ. අවංකත්වය හා ඒ බැදීම තියෙනවා. සල්ලි හොයාගෙන දියුණු වෙන්න පුළුවන් ආදරය කියන්නේ ජීවිතයකට අත්‍යවශ්‍ය දෙයක්. ඒක හරිම පිවිතුරු දෙයක් විදිහට මම දකිනවා. ආදරය කියන්නේ අවංකත්වය වගේම දෙදෙනා අතර අදහස් නොගැලපුණත් සිතුවිලි ගළපාගෙන ජීවත් වෙන්න පුළුවන් කමයි.

නයෝමි මිතුරි මිතුරියන් අතර ආදරණීය මිතුරියක්ද?

මට යාළුවෝ ගොඩක් නැහැ. මගේ හොදම යාළුවා රුවනි. එයා මගේ ගමේ මගේ පාසලේම මිතුරියක්. මාව රංගනයට යොමුවුණෙත් රුවනි නිසා. ඒ හැරුණම මට යාළුවෝ පහක් විතර ඇති. ඒ අය මට ගොඩක් ආදරෙයි. මමත් එයාලට ඒ වගේම ආදරෙයි.

නයෝමිට තිරයේදි හමුවන පෙම්වතියන්ගේ චරිත ගැන මොනවද හිතෙන්නේ?

මට පුළුවන් මේකයි. මම ආසා මේකටයි කියලා චරිතයක් නැහැ. මට ඕනෑ වෙනස් චරිත.

ධම්මිකා සුරංජි පතිරණ

 

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team