අපේ කණ්ඩායම දැන් එකමුතුයි – අවිශ්ක

තමාට ශතකයකට යාමට නොහැකි වීම සම්බන්ධයෙන් දුකක් පවතින බවත් ඉදිරියේදී එවැනි අවස්ථා මග නොහරින බවත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පැවසීය.

ඒ ඊයේ (28දා) ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි එක්දින තරගයෙන් අනතුරුව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.  ‍

“මට ගොඩක් දුකයි, එච්චර හොඳට ගහලා ශතකයකට යන්න බැරි වීම ගැන. ඉතින් ඒ වගේ අවස්ථා එනවා හරි අඩුයි.ඊළඟ තරගවලදී ඒ වගේ චාන්ස් එකක් ආවොත් ඒක අරගෙන ශතකයට යන්න බලනවා. කොහොමහරි ගහනවා.මේ තණතීරුව එච්චර දඟ කැවේවි කියලා හිතුවේ නැහැ.මොකද බංග්ලාදේශය පිතිකරණයේ යෙදෙන අවස්ථාවේදී අපි පන්දු යැවීමේදී එතරම් තණතීරුව දඟ කැවුණේ නැහැ. ඉතිං අපි දෙන්නා හිතාගෙන ගියේ හොඳ සබඳතාවයක් පිහිටුවල කණ්ඩායමට අවශ්‍ය දේ ලබා දෙන්නයි. ඉතින් ඒ ආපු සබඳතාවය සමඟ අපේ ඉතුරු පිතිකරුවන් අවශ්‍ය දේ කළා.

මම පිතිකරණයේ යෙදෙද්දී මට දැන් ලොකු විශ්වාසයක් තියෙනවා. පිතිකරුවෙක්ට ලකුණු වදින කාලයක් තියෙනවා. ඒ වදින කාලෙදී පිතිකරුවෙක් දැනගන්න ඕන ලොකු ලකුණු ලබාගන්න.ඒ නිසා මම ලොකු ලකුණු ලබාගෙන මේ වෙලාවේ මට කරන්න පුළුවන් දේ කණ්ඩායම වෙනුවෙන් කරනවා.

කණ්ඩායමකට යම් කාලයක් එනවා. අපේ කණ්ඩායම් දැන් එකමුතුයි. දිමුත් අයියා උදව් කරලා තමයි අපිට මේ දේ කරගන්න පුළුවන් වුණේ. ඔහු හැමෝවම කණ්ඩායම තුළ එකතු කරගෙන ඉන්නවා.  මම පන්දුවට පහර දෙද්දී මම දැනන් හිටියේ නැහැ මගේ පියා අසනීප වෙලා ඉන්නවා කියලා. පස්සේ තමයි මම මේ දේ දන්නේ. දැන් තාත්තගේ තත්ත්වය හොඳයි” යැයි පවසා සිටියේය.

Image result for avishka fernando

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team