ආදරණීය කුලේට අවසන් එක්දින තරඟයට වරම්

2003 වසරේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජත්‍යන්තර පිටියට ආව නුවන් කලසේකර 2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහනය කර දෙන්න ප්‍රධාන වශයෙන් දස්කම් දැක්වූ පුද්ගලයෙක්. ඔහු 2009 වස‌රේ මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මස අවසානය දක්වා අයි.සී.සී එක්දින පන්දු යවන්නන්ගේ දර්ශකයේ ප්‍රථමයා වුණා.

ඔහු ලංකා ක්‍රිකට් පිලේ වේග පනන්දු යවන්නෙක් විදියට තමයි කවුරුත් ඔහුව හදුන්වන්නේ.කුලේ ක්‍රීඩාවෙන් සමුගනිද්දි ඔහුට අවසන් එක්දින තරඟයක් ක්‍රීඩා කිරීමට ලබා දෙන ලෙස පැවසුවත් එය ප්‍රතික්ෂේප කර තිබුණා.

නමුත් අවසාන වශයෙන් හෙට ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පැවතෙන තුන් වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ ක්‍රීඩා කිරීමට කුලසේකරට අවස්තාවක් දීමට තීරණය කර තිබෙනවා. එම තරඟය කුලේ වෙනුවෙන් නම් කිරීමද ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ මෙහෙවර සඳහා උපහාර උළෙලක් පවත්වන්නට කටයුතු සූදානම් කර තිබෙනවා.

Source – webgossip

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team