දුවව හෝටල් කාමරයට අරන් ගිහින් එයාට සිහි නැතිවෙන්න මොනවා හරි දීලා.

අපේ දරුවාට සිදු වූ මෙවැනි විපත් යළි ඇති නොවෙන්න මේ අපරාධය සිදු කළ පාපතරයාට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියලා අපි කියනවා. යෑයි ඉකුත්දා කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ ලැගුම් හලකදී මරා දමා තිබියදී සොයා ගත් අලව්ව, නවතල්වත්ත පදිංචිව සිටි ඩබ්ලිව්. පී. කවීෂා මධුරංගි වික්‍රමසිංහ දැරියගේ මව්පියන් විලාපදෙමින් ඉල්ලා සිටිති.

තම හොඳම යෙහෙළියක කරදරයකට පත්ව ඇතැයි ලැබුණු ආරංචියක්‌ මත ඇයට උපකාර කිරීමට යෑයි පවසා පිටත්ව ගිය විසි හැවිරිදි තරුණියකට හෝටල් කාමරයක්‌ තුළදී හිතක්‌ පපුවක්‌ නොමැති පාපතරයකුගේ අතින් සිය ජීවිතය අහිමි කර ගැනීමට සිදුවීමේ මෙම ශෝචනීය පුවත වාර්තා වූයේ ඉකුත් 30 වෙනිදා ගොකරැල්ල පොලිසින් බලප්‍රදේශයෙනි.

කුරුණෑගල – මැල්සිරිපුර නගරයේ හෝටල් කාමරයක්‌ තුළ අභිරහස්‌ ලෙස මිය ගිය තරුණියකගේ මළ සිරුරක්‌ අති බවට ගොකරැල්ල පොලිසියට අදාළ හෝටලයේ සේවකයින් විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්‌ෂාවකදී පොලිසිය විසින් එම මළ සිරුර සොයා ගැනිණි. ඇය මෙවර අ.පො.ස. (සා. පෙළ) විභාගයට දෙවන වරට පෙනී සිටීම සඳහා සූදානමින් සිට ඇත.

සිද්ධියට සම්බන්ධව කුරුණෑගල ඉහලගම පෙරියකඩු නැලව පදිංචි අධිකාරි මුදියන්සේලාගේ කසුන් ප්‍රදීප් නමැති 22 හැවිරිදි සැකකරු 30 වෙනි දා රාත්‍රියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අති අතර ඔහු මේ වන විට කුරුණෑගල මහේස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ප්‍රධාන මහේස්‌ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා විසින් මේ මස 8 වෙනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ

කුරුණෑගල නගරයේ උපකාරක පන්තියකට සහභාගී වීමට යයි කියමින් ඉකුත් 29 වෙනිදා නිවසින් පිටත් වූ කවීෂා එදින නිවසට නොපැමිණීම පිළිබඳව ඇයගේ ගේ මව්පියන් විසින් අලව්ව පොලිසියට පැමිණිල්ලක්‌ සිදු කර තිබූ අතර ඒ පිළිබඳව අලව්ව පොලිසිය විසින් පරීක්‌ෂණ සිදු කෙරෙමින් පවතින අතරතුර ඇයගේ මළ සිරුර හමුව තිබෙන්නේ තරුණිය නිවසින් අතුරුදන්ව දිනකට පසුවය.

සිද්ධියෙන් මිය ගිය කවීශාගේ මෘතදේහය පෙරේදා (01 දා) රාත්‍රියේ කවීශා පදිංචි අලව්ව නවතල්වත්ත නිවසට රැගෙන විත් තිබුණේ ප්‍රදේශයේ ලොකු කුඩා සැවොම දුක්‌ සයුරක ගිල්වමිනි.

එහිදී මෙම සිදුවීම ගැන අප සමග කතා කළ කවීශාගේ මාමා කෙනෙකු වන ඡේ. අජිත් ධම්මික මහතා අප සමග මෙසේ පැවසීය.

මේ ළමය බලෙන් පැහැරගෙන ගිහින් තියෙන්නේ. අපේ දුවගේ යාලුවෙක්‌ එක්‌ක තමයි මේ සිද්ධියේ සැකකරු යාලු වෙලා ඉන්නේ. මේ පුද්ගලයා ඒ ළමයාගේ දුරකතනයෙන් අපේ ළමයට කෝල් එවල තමයි එයාව රවට්‌ටන් ගිහින් තියෙන්නේ.

අපේ දුව තවත් එයාගේ යාලුවෙකුට මැසේඡ් කරලා තියෙනවා මගේ යාලුවෙක්‌ කරදරේක වැටිලා. ඒ නිසා මං එයාව බලන්න යනවා කියල.

සැකකරු දුවව හෝටල් කාමරයට අරන් ගිහින් එයාට සිහි නැති වෙන්න මොනවා හරි දීල තමයි මේ අපරාධය කරලා තියෙන්නේ. දුව හෝටලේ කාමරයේ ඉඳන් කෑගහන ශබ්දෙ හෝටලේ වැඩ කරන කෙනෙක්‌ට ඇහිලා තියෙනවා. එයා විපරම් කරන කොට සැකකරු කියල තියෙනවා එක අපේ ප්‍රශ්නයක්‌ ඒ නිසා කලබල වෙන්න එපා කියල.

මිය ගිය කවීෂා ගැන කතා කිරීමට අයගේ මවට හෝ පියාට නිනව්වක්‌ නැත. ඒ තරමටම ඔවුහු මේ අකල් මරණයෙන් දැඩි සේ කම්පාවට පත්ව සිටිති.

දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලේ දෙවැනි දරුවා වූ කවීෂා ගමේ කා අතරත් හොඳ හිත දිනා සිටි දැරියකි. නවතල්වත්ත පියසුමනාරාම විහාරස්‌ථ පියසුමන දහම් පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක වූ ඇය ගේ හදිසි වියෝවෙන් මුළු අලව්වම කම්පාවට පත්ව ඇත .

සැකකරු විසින් ඉමාෂාගේ දුරකතනයෙන් ලබා දුන් ව්‍යාජ තොරතුරු ඔස්‌සේ සිය යෙහෙළියට උදව් කිරීමට පැමිණි කවීෂාට මෙසේ සිය ජීවිතය අත හැර දැමීමට සිදු විය.

සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමා සමග එකට සිට ඡායාරූපයක්‌ ගෙන ඉමාෂට යෑවීමට කළ යෝජනාවට කවීෂා අකමැති වීම නිසා මෙසේ ඇය මරා දැමුණු බවයි.

කුරුණෑගල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි මහින්ද දිසානායක මහතාගේ අධීක්‌ෂණය යටතේ සහකාර පොලිස්‌ අධිකාරී නිශාන්ත හේරත් මහතාගේ උපදෙස්‌ මත ගොකරැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ලසන්ත බුද්ධික, අපරාධ මර්දන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ලලිත් චන්ද්‍රකුමාර, සැරයන්වරුන් වන ( 20654) චන්දන ජයතිස්‌ස. (30547 ) ජයරත්න , (19654 ) ගාමිණි යන නිලධාරීන් විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්‌ෂණ කටයුතු සිදු කරයි.
අත්අඩංගුවට ගත් පාපතරයා හෙලි කරපු කතාව පහතින්

 

මැල්සිරිපුර නගරයට ආසන්න හෝටලයකදී උසස්පෙළ හදාරමින් සිටි 20 හැවිරිදි තරුණියක අබිරහස් ලෙස කාමරයකදී මියයැමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසියට සිද්ධියට සම්බන්ධ 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. කලක් පැවිදිව සිටි බව කියන මෙම තරුණයා ඔහුගේ පෙම්වතියගේ මිතුරියක බවත් ඇයව මේ ආකාරයට දූෂණය කර මරා දමා ඇති බවත් සදහන්.

මැල්සිරිපුර නගරයට ආසන්න හෝටලයක කාමරයක් තුළ අබිරහස් ලෙස මියගොස් සිටින තරුණියකගේ මළ සිරුරක් පෙරේදා (30) හමුවී ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ගොකරැල්ල පොලිසිය එම ස්ථානයට ගොස් මෙම පරීක්ෂණ සිදු කර තිබූ අතර ඒ අනුව සිද්ධියේ සුලමුල හෙළිව තිබෙනවා.

මීට මාස කිහිපයකට ඉහතදී පුත්තලම පාරේ වැලගනේ පුරාණ විහාරස්ථානයේ මාස 3 ක පමණ කාලයකට පැවිදි වී පසුව සිවුරු හැර ඇති විසි එක් හැවිරිදි තරුණයා එම විහාරස්ථානයට නිතරම යන එන බවත් ඉකුත් 27 වැනිදා එසේ පැමිණි අවස්ථාවේදී විහාරාධිපති හිමියන්ගේ කාමරයේ තිබූ 1,10,000ක මුදලක්ද ඒ හිමියන්ට අයත් රුපියල් ලක්‍ෂ 30 පමණ වටිනා වැගන් ආර් මෝටර් රථය ද සොරාගෙන සිය පෙම්වතිය හමුවීමට ගොස් තිබෙනවා.

ඔහු පැවදි වන්නට පෙර ඇඟලුම් කම්හලක සේවය කර තිබූ අතර එහිදී සබඳතාව ඇති කරගත් පෙම්වතියක මෙසේ බලන්නට ගොස් ඇති බවත්  තමා අලුතින් මෝටර් රථයක් මිළදී ගත් බව පෙමවතියට කියා ඇයට මෝටර් රියේ රවුමක් යාමට කතා කර ඇති බවත් සදහන්. පසුව කුරුණෑගල මහව මාර්ගයේ ගමන් කරමින් සිටි බවත් පැවසෙනවා.

එහිදී ඔහු පෙම්වතියට අයුතු යෝජනාවක් කර අපි අද හෝටලයක නවතිමු යැයි යෝජනා කර ඇති අතර ඇය ඊට කැමතිවී නැති බවත් පැවසෙනවා. එම අවස්ථාවේ තරුණයා ඇයට තදින් කථාකර බලහත්කාරයෙන් වාහනය පදවමින් “නෑ මං ඔයාව එක්ක යනවමයි පවසා තිබෙන බවත් මේ අතර මෝටර් රියේ ඉදිරිපස අසුනේ රම්බෝ වර්ගයේ පිහියක් හා මුදල් නෝට්ටු තොගයක් තිබෙන අයුරු පෙම්වතිය දැක ඇති බවත් සදහන්.  බියට පත් පෙම්වතිය උපායක් කල්පණා කර එම මුදල් නෝට්ටු මිටියක් අරගෙන වාහනයේ වීදුරුවෙන් පිටතට විසිකර තිබෙනවා.

රථය නතර කරගෙන එයින් බැස තරුණයා මුදල් අහුලන්නට ගිය අවස්ථාවේ පෙම්වතිය වාහනයෙන් බැස පළාගොස් පිරිසකගෙන් උදව් ඉල්ලා තිබෙනවා.

සැකකාර තරුණයා ඊට පසු මෝටර් රිය පණගන්වාගෙන එතැනින් පලාගොස් ඇති නමුත් කලබලයට පත්ව පලාගිය පෙම්වතියගේ ජංගම දුරකථනය මෝටර් රියේ තිබෙන අයුරු ඔහු දැක ඇති බවත් වැඩිදුරටත් සදහන්.

පසුව ජංගම දුරකථනයේ තිබු අංක කිහිපයකටම සැකකරු කතා කර ඇති අතර කවීෂා නමැති නමක් යටතේ සටහන්ව තිබූ අංකයට ඇමතුමක් ගත් විට තරුණියක්

ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඇය එම අවස්ථාවෙ උපකාරක පංතියකට සහභාගීවීමට ගොස් සිටි බව පවසා තිඑබනවා.

“මං ෆොන් එකේ නම්බර් එක දැකල ගත්තේ ඔයාගේ හොඳම යාළුවා මැල්සිරිපුර හෝටල් කාමරයක හදිසියේ ලෙඩවෙලා උදව් කරන්න පුළුවන්ද මේ නම්බර් එක විතරයි වැඩ කරන්නෙ …”යනුවෙන් ඔහු ඇයට පවසා ඇති බවත් සදහන්.

හොදම යෙහෙළිය හදිසියේ රෝගාතුරවූ බව අසා ඇය බැලීමට යාමට පැමිණෙන බව කවීෂා පොරොන්දු වී ඇති අතර තරුණයා කියූ තැනට ඇය පැමිණ තිබෙනවා.

කවීෂා ඔහුත් සමග ගොකරැල්ල, මැල්සිරිපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයට ගොස් ඇත්තේ එහි කාමරයක් තුළ රෝගාතුරවී සිටින යෙහෙළිය බැලීමටයි.

හෝටල් කාමරයට ඇතුළුවනවාත්  සමගම සැකකරු ඇයව බලහත්කාරයෙන් ඇතුළට කැඳවා දොරගුළු දමා දූෂණය කර ඇති අතර පසුව ගෙළ මිරිකා ඝාතනය කර ඇති බවත් පසුව රහසේම කාමරයෙන් පළාගොස් ඇති බවත් සදහන්.

වැඩිදුර සොයා බැලීමේදී තම පෙම්වතිය සමග ගත කිරීමේ අටියෙන් තරුණයා දින 3 කට හෝටල් කාමරය වෙන්කර තිබූ බවද ආරංචිවී තිබෙනවා.කාමරයේ තරුණියක ඝාතනය කර ඇති බව හෝටල් බලධාරීන් දැනගත්තේ ඊට පසු දින (30) යි. එදින තරුණයා හෝටලයෙන් පිටවන දිනය ලෙස දන්වා තිබීම නිසා ඒ ගැන සොයාබැලීමට කාමරයට තට්ටු කර කිසිවෙකු ශබ්ද නොකළ නිසා වෙනත් යතුරකින් දොර ඇර බැලීමේදී මළ සිරුර හමුවී තිබෙනවා.

තරුණිය ඝාතනය කිරීමෙන් පසු හොර රහසේ හෝටලයෙන් පිටවී ගිය සැකකාර තරුණයා රම්බෝ වර්ගයේ පිහියද සගවාගෙන මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි තමාට පිටුපෑ පෙම්වතියගේ නිවස අසල රාත්‍රී කාලයේ සැගව සිට ඇති බවද පරීක්ෂණ වලදී හෙළිව ඇති බවයි සදහන් වන්නේ. ඔහුට ඇයව ඝාතනය කිරීමටද අවශ්‍යතාවයක් තිබී ඇති බවත් වැඩිදුරටත් සදහන්. නමුත් ඇය නිවසට නොපැමිණි නිසා ආපසු විහාරස්ථානයකට ගොස් ඇති තරුණයා විහාරාධිපති හිමියන් මුණගැසී තමා නැවත ගිහි ජීවිතය ගැන කළ කිරුණ බවත්  තමා මහණවීමට කැමති යැයි ප්‍රකාශ කර තිබෙනවා.

කවීෂා මධුරංගි නමැති තරුණියගේ ඝාතනය සමබන්ධයෙන් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණයා ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු සියල්ල හෙළිකර ගැනීමට හැකිව තිබෙනවා.

විහාරස්ථානයෙන් සොරාගෙන ගිය කාර් රථය හා සොරාගත් රුපියල් 1,10,000ක මුදලද මෝටර් රථයේ තිබී සොයාගෙන තිබෙනවා තර .තරුණයාගේ පෙම්වතිය බව කියන තරුණියද පොලිසියට සාක්ෂි සපයා තිබෙනවා. සිය දියණිය වූ කවීෂා මධුරංගි පසුගිය 28 වැනිදා සිට නිවසින් අතුරුදන්ව සිටින බවට ඇයගේ පියා විසින් අලව්ව පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා.

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team