එජාපයේ ප්‍රබලයන් දෙදෙනෙකු රහසේම ගෝඨාගේ නිවසට ගිහින් – මුහුණට මුහුණ හමුවී දැඩි අපහසුතාවයක්.!

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලතම සාමාජිකයන් දෙදෙනෙකු, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ඔහුගේ නිවසට ගොස් අපහසුතාවයට පත්වූ පුවතක් වාර්තා වෙනවා.

එජාපයේ ඉහළම තනතුරක් දරනා ප්‍රබල නායකයෙක් පෙර දැනුම් දීමකින් තොරව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් ඔහු හමුව තිබේ. ඉන්පසුව එජාපයේ තවත් ප්‍රබල සාමාජිකයෙකු ස්වල්ප මොහොතකින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණ ඇත්තේද පෙර දැනුම් දීමකින් තොරවයි.

ඉන්පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදි එකිනෙකා මුන ගැසී මෙම එජාප ප්‍රබලයන් දෙදෙනා දැඩි අපහසුතාවයට පත්වූ බවද වාර්තා වේ.

මෙම එජාප ප්‍රබලයන් දෙදෙනා එජාපයේ රනිල් පාර්ශවය සහ සජිත් පාර්ශවය නියෝජනය කරමින් නියෝජිතයන් දෙදෙනෙකු ලෙසට හිටපු ආරක්ෂක ලේකම්වරයා හමුවී තිබෙන බවද වාර්තා වේ

 

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team