නව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇත.

හිටපු යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ධූර කාලය ඊයේ (18) දිනයෙන් අවසන්වීම හේතුවෙන් ජනාධිපතිවරයා මෙම නව පත්වීම සිදුකර ඇත.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙයට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කරන ලදී.

වන්නි මානුෂීය මෙහෙයුමේදී 58 වන සේනාංකයට අණ දෙමින් ත්‍රස්තවාදයට එරෙහිව සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ දක්ෂ නිලධාරියකු වශයෙන් ශවේන්ද්‍ර සිල්වා මහතා පිදුම් ලබා තිබුණි.

ශවේන්ද්‍ර සිල්වා මහතා මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි.

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team