මාලි අයියා මට ගොඩක් දන්නැති දේවල් කියල දෙනවා

ශ්‍රීලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන සුපිරී ක්‍රීඩක ලසිත් මාලිංගගේ සමුගැනීමෙන් පසුව ඔහුගේ අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්වම අනුකරණය කරමින් පන්දු යවන ලාබාළ ක්‍රීඩක නුවන් තුෂාර එසේ නැතිනම් පොඩි මාලි සමග කළ සාකච්ඡාවක් මේ

 ඔබ ගැන විස්තර කළොත්
Nuwan Thushara( පොඩි මාලි) – මම ඇල්පිටියෙ තලාව කියන ගමේ.මම පාසල් ගියෙ තලාව කනිෂ්ඨ විද්‍යාලයට
මගෙ පවුලෙ අම්මයි , තාත්තයි අයියලා දෙන්නයි

ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවුනේ කොහොමද
මම මුලින්ම සැහැල්ලු පන්දු තමයි ක්‍රීඩාව ආරම්භ කරේ..ඊට පස්සෙ දුශාන් අයියගෙ මාර්ගයෙන් කුමාර් අයියා ගාවට ඇවිල්ලා කුමාර් අයියා තමයි මාව අනුෂ් සර් ගාවට දැම්මෙ ඊට පස්සෙ අනුෂ් සර් ගාව දවස් දෙකක් විතර පුහුණුවීම් කරනකොට ඩිල්හාර ප්‍රනාන්දු ඇවිල්ලා ssc ක්‍රීඩා සමාජයට දැම්මා එතනින් තමයි මගෙ ක්‍රිකට් ගමන ආරම්භ උනේ.

 ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔබ දැනට ලබාගෙන ඇති ජයග්‍රහන මොනවද
අවුරුදු 23 පහළ පළාත් තරගාවලිය හොදට ක්‍රීඩා කරලා කඩුලු ලබා ගත්තා , CCC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරලා කඩුලු ලබා ගෙන එතනින් විස්සයි විස්ස අවසාන තරගයකදි ලකුණු 31කට කඩුලු 4ක් දවා ගත්තා දැන් මාව වේග පන්දු ඇකඩමියට තෝර ගත්තා එතනින් මාව මතු බලාපොරොත්තු තැබිය හැකි කණ්ඩායම ( Emerging team ) එකට තේරිලා තියෙනවා

ඔබට පොඩි මාලි කියල බොහො දෙනා ආමන්ත්‍රණය කරන්නෙ ඇයි
ඒක්ස් ඉතින් මාලි අයියා පන්දු යවන ආකාරයට පන්දු යවන නිසා කට්ටිය මට එහෙම කියනවා

ලසිත් මාලිංගගෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද
මාලි අයියා මට ගොඩක් දන්නැති දේවල් කියල දෙනවා ඇත්තටම දැන් වේගය අඩාල කරලා ( slow ball ) පන්දු යවන විදිහ මාලි අයියා කියල දුන්නෙ ඇත්තටම එයා මගෙ පිටිපස්සෙන් ඉදලා මට ගොඩක් උදව් කරනවා මට ඒක වටිනවා

ඔබෙ ගමනට මුල ඉදන් උදව් කරපු අය ගැන මතක් කළොත්
මගෙ ගමේ කට්ටිය ඉදන් ගොඩක් අය මට උදව් කරා නම් වශයෙන් කියන්න බැ මගෙ පුහුණුකරුවන් ඇතුලු දැන් වේග පන්දු ඇකඩමියෙ පුශ්පකුමාර සර් චමිල ගමගෙ සර්ගෙන් ගොඩක් ලොකු දෙයක් ලැබුනා මට
Ccc කණ්ඩායමේ ක්‍රීඩා කරන නිසා ශම්මි සරුත් මට ගොඩක් උදව් කරලා තියෙනවා අද මෙ තත්ත්වෙට එන්න

 දෙමාපියන්ගෙන් ලැබෙන දායකත්වය කොහොමද
අම්මයි තාත්තයි මගෙ පිටිපස්සෙ ඉදන් මගෙ ගමනට හැමවෙලාවෙම ශක්තියක් වෙනවා

අනාගත බලාපොරොත්තු ගැන කිව්වොත්
මට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා emerging කණ්ඩායමට හොදින් ක්‍රීඩා කරලා කඩුළු අරගෙන ජාතික කණ්ඩායම නියෝජනය කරලා මගෙ රට වෙනුවෙන් ලොකු දෙයක් කරන්න

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team