සජිත් පිලේ සුජීවට හා අජිත් පී පෙරේරාට එරෙහිව පරීක්ෂණයක්

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනා කැබිනට් නොවන ඇමැතිවරුන් වන අජිත් පී. පෙරේරා සහ සුජීව සේනසිංහට එරෙහිව විනය පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා එම ඇමැතිවරුන්ට ලිඛිතව දන්වා තිබේ.

මෙම ඇමැතිවරුන් දෙදෙනාගේ කි‍්‍රයා කලාපය සහ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම යන කරුණු දක්වමින් පක්ෂ විනය කමිටුවට ඔවුන් දෙදෙනා යොමු කෙරෙන අතර ඒ අනුව විනය කමිටුව ඉදිරි කි‍්‍රයා මාර්ග තීරණය කරනු ඇතැයි එම ලිපිවල සඳහන් කර ඇත.

මෙම රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා එජාපයේ සජිත් පාර්ශවය නියෝජනය කළ අතර පසුගියදා  මාතර පැවැත්වූ “සජිත් එනවා” රැළියටද ඔවුන් දෙදෙනා සහභාගී විය.

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team