ගෝටාභයට සහාය දෙන්න තීන්දුයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවෙන් පසු ඔහු මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට සහයෝගය නොදන බවත් ජාතික බලවේග සමඟ ඉදිරියට කටයුතු කිරීමට තීරණය කළ බවත් මහ ලේකම්වරයා කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලූ දෙනාම මෙම තීරණයේ සිටින බවත් ඔවුන් සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන බව ද ඔහු සඳහන් කළේය.

Source – Lanka C News

Comments පලකිරීමට පහතට යන්න
2015-2018 Gossip Lanka All Rights Reserved | Design By Egossip Web Team